Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2019 08:00:51 Hours

මුලතිව් භටපිරිස් ‘එච්.අයි.වී සහ ඒඩ්ස්’ පිළිබඳ දේශනයකට සවන් දෙයි

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ සංකල්පයකට අනුව ඉකුත් බදාදා (04) දින මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති මානව ප්‍රතිශක්තිකරණ වයිරසය හා ප්‍රතිශක්තීකරණ ඌනතාවේ සංකූලතාව (එච්අයිවී සහ ඒඩ්ස්) පිළිබඳ දැනුවත් කිරීමේ දේශනය සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 110 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙම දේශනය මුලතිව් යුද්ධ හමුදා මූලික රෝහලේ වෛද්‍ය නිලධාරී ලුතිනන් ටී.එම්.එන්.එස්. තෙන්නකෝන් ඇතුළු එම රෝහල් කාර්ය්‍ය මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබීය. latest Nike Sneakers | Nike Releases, Launch Links & Raffles