Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2019 08:32:40 Hours

ප්‍රතිත්‍රස්ථ කැලෑබඳ සටන් පුහුණු පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරින් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක

මාදුරුඔය පිහිටි යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රතිත්‍රස්ථ කැලෑබඳ සටන් පුහුණු පාඨමාලා අංක 26 යටතේ පුහුණුව හදාරණ විදේශීය නිලධාරීන් ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් ඔවුන්ගේ දැනුම සහ පළපුරුද්ද වැඩිදියුණු කරගැනීමේ අරමුණින් දෙසැම්බර් මස 01 සිට 03 දින දක්වා කාලසීමාව තුළ මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරතවූහ.

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි මෙම ශිෂ්‍ය නිලධාරින් කණ්ඩායම එම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නියෝජනය කරමින් 591 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර 59 වන සේනාංක බලප්‍රදේශයේ පිටිහි වඩ්ඩුකඩාල් ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ස්ථාන ඇතුළු තවත් වැදගත් ස්ථාන කිහිපයක් වෙත ඔවුන් කැටුව යන ලදී.

මේ අතර, සංචාරයෙහි නිරත වූ ශිෂ්‍ය නිලධාරින් 64 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් හමුවී එම සේනාංකයේ වගකීම් හා කාර්යභාර්ය පිළිබඳ දැනුවත් වූ අතර ඉන් පසුව 68 වන සේනාංකයෙහිද සංචාරය කරන ලදී.

මෙම ශිෂ්‍ය නිලධාරින් ඔවුන් සංචාරය කරන ලද ස්ථානයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත සමරු තිළිණ ද ප්‍රදානය කරනු ලැබීය. latest Running | Men’s shoes