Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2019 08:15:51 Hours

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් කාන්තා සෙබළියන් අමතයි

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින යාපනය ප්‍රදේශයේ පිහිටි 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කඳවුරෙහි විධිමත් සංචාරයක නිරත විය.

7 වන ශ්‍රී ලංකා කාන්තා බලකා මූලස්ථානය වෙත සපැමිණි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම ඒකකයේ අණදෙන නිලධාරිතුමිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර එම ඒකකයේ කාර්යභාරය සහ වෙනත් පරිපාලනමය කරුණු පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ආඥාපතිතුමන් වෙත ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 7 වන ශ්‍රී ලංකා කාන්තා බලකායේ නිලධාරිනියන් සහ සෙබළියන් අමතන ලදී. Running Sneakers Store | Nike Shoes