Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2019 20:09:09 Hours

යාපනයේ භටපිරිස් හානියට පත් පාලමක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ගමනාගමනය යථා තත්ත්වයට පත් කරයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇතිවී ඇති ගංවතුර තත්ත්වයෙන් හානි සිදුවූ කීරමලෙයි සිට පොන්නලෙයි දක්වා දිවෙන බී 75 මාර්ගයේ අඩි 30 ක් දිග කුසුමන්තුරෙයි පාලම පිළිබඳ සිකුරාදා (06) දින සන්ධ්‍යාවේ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත දැනුම්දීමෙන් අනතුරුව 10 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 16 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස්හි සහාය ඇතිව පැය දෙකක් ඇතුලත හානි සිදුවූ පාලම ප්‍රතිසංස්කරණය කිරීමට සමත්විය.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශයේ එකතු වූ ජලය ගලා බසින විට පාලමේ එක් කොටසක් කඩාවැටි ඇති අතර පාලම මතින් වාහන ගමන් කිරීමේ අවදානම් තත්ත්වයක් ඇතිවිය. ඒ හේතුවෙන් මාර්ගයේ ඇතිවූ වාහන තදබදය අවම කර මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරීයේ බලධාරීන් යුද්ධ හමුදාවේ සහාය ඉල්ලා සිටියේය. ඒ අනුව ඇති වූ හදිසි අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා කඩිනමින් පාලම ප්‍රතිසංස්කරණය කරන ලෙස 10 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුව වෙත උපදෙස් ලබාදුනි.

ඒ අනුව, මෙම කාර්යභාර්ය සාර්ථකව ඉටුකරගැනීම සඳහා 513 බලසේනාව යටතේ ස්ථාපිත 16 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් 10 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් වෙත සිය සහයෝගය ලබාදුන්හ. මේ වනවිට පාලම ප්‍රතිසංස්කරණය කර මහජනතාවගේ ගමනාගමනය සඳහා විවෘත කර තිබේ. Running sport media | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ