Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2019 11:50:40 Hours

රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සෞන්දර්යාත්මක කුසලතා ප්‍රදර්ශනය කරයි

රණවිරු සෙවන, අභිමන්සල 1, 2, 3 සහ මිහිඳු සෙත් මැඳුරේ රණක්‍ෂිතයට පත්ව නේවාසික ප්‍රතිකාර ලබන විරෝදාර රණවිරුවන් සුරතින් නිම වූ චිත්‍ර හා සෞන්දර්යාත්මක කලා නිර්මාණ 447 ක් ප්‍රදර්ශනය කෙරෙන ‘උට්ඨානවීර්යය’ නම් දුර්ලභ ප්‍රදර්ශනය සිකුරාදා (13) දින ජේ.ඩි.ඒ. පෙරේරා කලා භවනේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති අතර මෙම දැවැන්ත ප්‍රදර්ශනය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් බ්‍රහස්පතින්දා (12) දින සන්ධ්‍යාවේ විවෘත කිරීමට නියමිතය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශිරාන් අබේසේකර, පුනරුත්ථාපන නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් උපුල් වීරකෝන්, අභිමන්සල 2 හි සේනාවිධායක කර්නල් ශිරාන් වැලිගම සහ මිහිඳු සෙත් මැදුරෙහි සේනාවිධායක ලුතිතන් කර්නල් විජේන්ද්‍ර ගුණතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කරන ලදී.

මෙම ප්‍රදර්ශනයේදී රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන් 100 කට අධික පිරිසක් ඔවුන්ගේ සහජ කුසලතාවයන් ප්‍රකට කරමින් විශ්මිත මෙන්ම කලාත්මක නිර්මාණ බවට පත් කළ ලී කැටයම් 34 ක්, සිතුවම් 172 ක්, මූර්ති 15 ක් ඇතුළු තවත් නිර්මාණ 23 ක් මෙහිදී ප්‍රදර්ශනය කරනු ලබයි.

මෙම එක්දින කලාත්මක ප්‍රදර්ශනය නැරඹිම සඳහා ගාස්තුවක් අය නොකෙරෙන අතර එය එදින උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් තුමන්ගේ මඟපෙන්වීම මත පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ එක්ව යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්හි නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ සහජ කුසලතා වැඩිදියුණු කිරීම සහ එම නිර්මාණ අගය කිරීමේ අරමුණින් මෙම ‘කලා හා මූර්ති ප්‍රදර්ශනය - 2019’ පවත්වනු ලබයි. Sport media | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov