Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2019 13:09:09 Hours

කිලිනොච්චි භටපිරිස් ගංවතුරෙන් පීඩාවට පත් අපොස සා.පෙළ විභාග අපේක්ෂකයින් නියමිත වේලාවට විභාග ශාලාවන් වෙත රැගෙන යයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ බ්‍රහස්පතින්දා (05) දින සන්ධ්‍යාවේ ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ පීඩාවට පත් කිලිනොච්චි ප්‍රදේශයේ අපොස සා.පෙළ විභාග අපේක්ෂකයින්ට සිය විභාගය ආරම්භවීමට ප්‍රථමයෙන් එම මධ්‍යස්ථාන කරා ලඟාවීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමේ දැවැන්ත මෙහෙයුමක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අද (6) දින උදෑසන සිදු කරන ලදී.

ඒ අනුව, යුහුසුළුව ක්‍රියාත්මක වූ භටපිරිස් ට්‍රැක්ටර් සහ බෝට්ටු භාවිතා කරමින් කිලිනොච්චි ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් අපොස ස.පෙළ විභාග අපේක්‍ෂකයින් 150 කට අධික පිරිසක් විභාග ආරම්භවීමට ප්‍රථම ධර්මපූරම් මහා විද්‍යාලයේ හා කිලිනොච්චි හින්දු විද්‍යාලයේ පැවැති විභාග මධ්‍යස්ථාන කරා කඩිනමින් රැගෙන ගියහ.

තවද, එම භටපිරිස් ගංවතුරෙන් යටව තිබූ පාසල් දෙකෙහි බිම් මහලේ පාසල් උපකරණ හා ගෘහ භාණ්ඩ ඉවත් කිරීමට ද පාසල් බලධාරීන්ට සහයෝගය ලබාදුන්හ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති සමඟ සම්බන්ධිකරණයෙන් අණදෙන නිලධාරීන් මෙම හදිසි අවශ්‍යතාවය වෙනුවෙන් පියවර ගැනීම සඳහා කඩිනමින් කටයුතු කළහ. Nike sneakers | Autres