05th December 2019 14:33:51 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ අධීක්‍ෂණය යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල සිවිල්වැසියන්ට සහන සැලසීමේ දැවැන්ත පරිත්‍යාග වැඩසටහනක් ඉකුත් සිකුරාදා (28) දින යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කරන ලදී.
මෙම ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 20 කට සූර්ය බලශක්ති පද්ධති පරිත්‍යාග කළ අතර සිසුන් 100 දෙනෙකුට ක්‍රීඩා භාණ්ඩ හා පාසල් උපාංග ප්‍රදානය කරන ලදී. තවද, මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, ‘දහම් පහන’ සංවිධානය ලබාදුන් අනුග්‍රාහකත්වයට ස්තූතිය පුද කළහ.
මෙම අවස්ථාව සඳහා කතෝලික පූජකවරුන්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් මෙන්ම ප්‍රදේශවාසීන් ද සහභාගි වූහ.Sports brands | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ