06th December 2019 14:09:09 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 35 වන වාර්ෂික මහ සභා රැස්වීම ඉකුත් අඟහරුවාදා (03) දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
යුද්ධ හමුදා මූලස්ථාන ශ්‍රවණාගාර පරිශ්‍රය වෙත සපැමිණි සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය එම ඒකකයේ උප සභාපති ශිරෝමි ලියනගේ මහත්මිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ප්‍රථමයෙන්ම, රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිෂ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව සේවා වනිතා ගීතය ගායනා කරමින් රැස්වීමේ වැඩ කටයුතු ආරම්භ කරනු ලැබීය.
ඉකුත් වසර 35 ක කාලය තුළ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ප්‍රගතිය වෙනුවෙන් අපරිමිත සේවාවක් ඉටු කල හිටපු සභාපතිනියන්, ලේකම්වරියන් සහ විධායක සාමාජිකාවන් වෙත සුජීවා නෙල්සන් මහත්මිය සිය කෘතඥතාවය පළ කළාය. එමෙන්ම, ඉදිරි කාලසීමාව තුළ දී දැනට සේවා වනිතා ඒකකයෙන් නැවතත් සේවා වනිතා ඒකකය හා සම්බන්ධ වී සේවාවන් සිදුකිරීමට තමා ගෞරවයෙන් ආරාධනා කරන බව වැඩිදුරටත් මෙහිදී සඳහන් කළාය. අතීතයේ පැවති සියළුම ව්‍යාපෘති සඳහා සිදුකළ කැපවීම් සැලකිල්ලට ගනිමින්, අනාගතයේදී ද සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ට වටිනා සේවාවක් අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා තමන් සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස සුජීවා නෙල්සන් මහත්මිය විශ්‍රාම ගොස් සිටින හිටපු සභාපතිනියන් සහ විධායක සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම, සේවා වනිතා ඒකකය මගින් රණවිරු පවුල් වෙත සිදු කරන සේවාවන් වලට අමතරව වෙනත් සමාජ සේවා කටයුතුවල යෙදීමේ වැදගත්කම පිළිබඳව සුජීවා නෙල්සන් මහත්මිය මෙහිදී වැඩිදුරටත් කරුණු අවධාරණය කළාය. සියළුම රෙජිමේන්තු වෙතින් අවම මට්ටමින් එක් නිවසක් හෝ ඉදිකර සමාජයේ ජිවත්වන අඩු ආදායම්ලාභින් වෙත ලබාදීමට කටයුතු කළ යුතු බව සඳහන් කළාය. අදාල ප්‍රජා සේවාවන් ඉටු කරගැනීම සඳහා සේවා වනිතා ඒකකයේ හිටපු සියළුම සභාපතිනියන් ඇතුළු විධායක සාමාජිකාවන් වෙත ගෞරවයෙන් ආරාධනා කරන බවත් සුජීවා නෙල්සන් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
සේවා වනිතා ඒකකයන් විසින් දැනට ක්‍රියාත්මක කරන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියන් සඳහා රු.මිලියන 10.8 ක මූල්‍යමය පිරිවැයක් ප්‍රදානය කිරීමට සිවිල් පරිපාලන කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සේවා වනිතා ඒකකය ඇතුළු වෙනත් සේවා වනිතා ඒකක 14 ක් ඉදිරිපත් වී තිබූ අතර එම මූල්‍යමය ආධාරවලට අදාල චෙක්පත් අදාල රෙජිමේන්තු සේවා වනිතා ඒකක වෙත මෙම අවස්ථාවේදී සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන සුජීවා නෙල්සන් මහත්මිය විසින් ලබාදෙන ලදී.
මෙම උත්සව අවස්ථාව අවසන්වීමට ප්‍රථම ආරාධිත අමුත්තෙකු ලෙස එම අවස්ථාවට සහභාගී වූ පුද්ගල සංවර්ධන කථිකාචාර්යවරියක සහ ප්‍රවීණ රංගනවේදිනියක වන අනෝජා වීරසිංහ මහත්මිය ‘සමාජයේ කාන්තාවන් සහ ඔවුන් මුහුණ දෙන මානසික සංකූලතා වළක්වා ගැනීම’ යන මාතෘකාව යටතේ ඉතා ඵලදායී දේශනයක් පැවැත්විය.
මෙහිදී මෙම අවස්ථාවට සහභාගී වූ සේවා වනිතා ඒකකයේ හිටපු සියළුම සභාපතිනියන් ඇතුළු සියළුම ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගෙන් එම ඒකකයට සිදු වූ සේවය පිළිබඳව සිය කෘතඥතාවය පළ කිරීමටද සුජීවා නෙල්සන් මහත්මිය විසින් කටයුතු කරන ලදී.
තවද, සේවා වනිතා ඒකකයට අදාළ වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීම, ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති සහ සේවා වනිතා ඒකකය මගින් සිදුකිරීමට නියමිත අනාගත සැලසුම් කටයුතු පිළිබඳව මහා සභා රැස්වීම් වාරයේදී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් විය. Sport media | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK