Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2019 13:55:23 Hours

22 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් දියත් කරනු ලැබු ප්‍රජා ව්‍යාපෘති වැඩසටහන යටතේ පාසල් උපාංග තොගයක් පරිත්‍යාග කරයි

222 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් සේරුනුවර ප්‍රදේශයේ දුෂ්කර පාසල් පහක සිසු සිසුවියන් 500 ක් සඳහා සේරුනුවර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී 22 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.

තවද, 22 වන සේනාංකය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් පාසල් ළමුන්ට පරිත්‍යාගය කිරිම සඳහා පොත්, පැන්සල් ඇතුළු උපාංග තොගයක් පරිත්‍යාග කිරිම සඳහා අනුග්‍රාහකත්වය ලබා දුන් අතර මෙම අවස්ථාව සඳහා 222 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මාරසිංහ සහභාගී වූහ.

මේ අතර, 22 වන සේනාංකය යටතේ ස්ථාපිත 221 වන බලසේනාව යටතේ ඇති 2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දින දෙකක් තුළ චීන වරාය සහ තිරියාය ප්‍රදේශයන්හී පවත්වන ලද තවත් ප්‍රජා ව්‍යාපෘති දෙකකට දායක වූහ. තවද නොවැම්බර් මස 22, 29 සහ 26 යන දිනයන් තුළ ඔවුන් පිළිවෙලින් ත්‍රිකුණාමලය, ගැමුණුපුර, බෝධිපාදපාරාම විහාරස්ථාන පරිශ්‍රය, මනිවෙල් වෙරළ තීරය සහ තිරියාය මූලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය යන ස්ථානයන් පිරිසිදු කළහ.

මේ අතර, ඉකුත් සිකුරාදා (29) දින ත්‍රිකුණාමලය මිහිඳුපුර විදුහලේ පැවති වාර්ෂික විවිධ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ලෙස මේජර් ජෙනරාල් මාරසිංහ වෙත ආරාධනා ලැබුණු අතර එහිදී පෙර පාසල් සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරනු ලැබු විවිධ ප්‍රසංගය නැරඹීමෙන් අනතුරුව ඔවුන් වෙත ත්‍යාග ප්‍රදානය කිරිම සඳහා ද එතුමන් එක්විය. jordan Sneakers | Nike Shoes