Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2019 20:48:14 Hours

යාපනයේ කලපුව පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් සිය ගණනනක් සහභාගී වේ

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ඉකුත් අඟහරුවාදා (3) දින යාපනය ගුරුනගර් කලපුව පිරිසිදු කිරිමේ දැවැන්ත පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය. එම අවස්ථාව සඳහා යුද හා නාවික හමුදා සාමාජිකයින් ඇතුළු ස්වේච්ඡා සංවිධාන සාමාජිකයින් දහසකට වැඩි පිරිසකගේ දායකත්වය හිමි විය.

මෙම ව්‍යාපෘතිය සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, යාපනය දිස්ත්‍රික් ලේකම්, 51 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ගුරුනගර් ධීවර සංවර්ධන සංගමයේ සාමාජිකයින්, සිවිල් වැසියන් සහ ස්වේච්ඡා සංවිධාන සාමාජිකයින් විශාල පිරිසක් දායක වූහ.

යාපනය ගුරුනාගර් කලපුව ශුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහන යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ මාර්ගෝපදේශනය මත 51 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ සිදු කරනු ලැබීය. latest Running | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ