Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2019 13:56:14 Hours

කිලිනොච්චි සහ මන්නාරම් දිස්ත්‍රික්කයන්හි කනිෂ්ඨ නෙට්බෝල් ක්‍රීඩකයින් කොළඹ නිරීක්‍ෂණ චාරිකාවක නිරතවේ

කොළඹ නිදහස් චතුරස්‍ර ක්‍රීඩාංගනයේදී පැවති කනිෂ්ඨ ජාතික නෙට්බෝල් ශුරතාවලිය - 2019 සඳහා සහභාගි වු මන්නාරම් සහ කිලිනොච්චි දිස්ත්‍රිකයන්හි පාසල්වල කනිෂ්ඨ නෙට්බෝල් ක්‍රීඩිකාවන් ඉකුත් ඉරිදා (1) දින යුද්ධ හමුදාපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නිරීක්‍ෂණ චාරිකාවක් සඳහා එක්කරගන්නා ලදී.

මෙම කණ්ඩායමට කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සිසුවියන් 13 දෙනෙකු සහ මන්නාරම් දිස්ත්‍රික්කයෙන් සිසුවියන් 10 දෙනෙකු ඇතුළත් වූ අතර මීට අමතරව, ගුරුවරුන් 8 දෙනෙකු, විදුහල්පතිවරුන් සහ පුහුණුකරුවන් ද ඇතුළත් වූහ.

මීට දින කිහිපයකට පෙර ජාතික නෙට්බෝල් තරඟාවලිය - 2019 හි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි වූ අතර මෙම තරඟාවලිය සඳහා සහභාගිවූ ක්‍රීඩිකාවන්ගෙන් බොහෝදෙනෙකු කොළඹ ප්‍රදේශයේ වැදගත් ස්ථාන නරඹා නොමැති බැවින් ඔවුන් කොළඹ රැඳී සිටින කාලය තුළ ඔවුන්ට නව අත්දැකීමක් ලබාදීමේ අරමුණින් මෙම සංචාරය සංවිධානය කළහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් මාර්ගෝපදේශයන්ය අනුව එම ක්‍රීඩිකාවන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, නෙළුම් පොකුණ, නිදහස් චතුරශ්‍රය, කෞතුකාගාරය ඇතුළු තවත් වැදගත් ස්ථාන කිහිපයක් නැරඹූහ. 

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මෙම සංචාරය සම්බන්ධීකරණය කරන ලද අතර ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරී නිවස්නයේදී ඔවුන්ට කෙටි ආහාර වේලක් ලබාදෙමින් ඔවුන් විනෝදාස්වාදයට පත් කළහ.Asics shoes | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret