Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2019 19:15:40 Hours

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් ගේ කැපවූ සේවය යුද්ධ හමුදාධිපතිතුමන් පැසසූමට ලක් කරයි

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමයාමට නියමිත යුද්ධ හමුදා මුලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් බළලත් නිලධාරී I ඩබ්ලිව්.එම්.එස්.පී. විජේසිංහ අඟහරුවාදා (3) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී, පුරා දශක දෙකකටත් අධික කාලසීමාවක් යුද්ධ හමුදාව වෙත සිදුකළ ආදර්ශවත් සේවය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රශංසාවට ලක්විය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නික්ම යන රෙජිමේන්තු සැරයන් මේජර් අතර පැවති කෙටි පිළිසඳරකදී යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියට මෙන්ම යුද්ධ හමුදාවට ද කළ කැපවීම පිළිබඳව ඉහළින්ම පෙන්වාදුන් යුද්ධ හමුදාධිපතිතුමන් නික්මයන රෙජිමේන්තු අධිපතිතුමන්ගේ අනාගත උත්සාහයන්ට සුභපැතුම් එක්කරමින් සමරුතිළිණයක් ද පිරිනැමීය.

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බළලත් නිලධාරී I ඩබ්ලිව්.එම්.එස්.පී. විජේසිංහ සිදුකළ සේවය පැසසුමට ලක් කිරීම වෙනුවෙන් ඔහු යුද්ධ හමුදාධිපතිතුමන්ට ස්තූතිය පුද කළ අතර මෙම අවස්ථාවට පැමිණ සිටි යුද්ධ හමුදා මූලස්ථානයේ නව රෙජිමේන්තු සැරයන් මේජර් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බළලත් නිලධාරී I එල්.එච්.පී.ඩි. සරත් කුමාර යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හඳුන්වාදෙනු ලැබීය. Sport media | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ