Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2019 11:32:40 Hours

‘මිත්‍ර ශක්ති - VII’ යුද අභ්‍යාසය ඉන්දියාවේදී ආරම්භ කරයි

අන්තර් ක්‍රියාකාරිත්වය සහ මෙහෙයුම් කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර අඛණ්ඩව 7 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති - VII’ ඒකාබද්ධ යුද අභ්‍යාසය ඉන්දියාවේ පූනේහි පිහිටි යුද්ධ හමුදා කඳවුරේදී ආරම්භ විය.

මෙම යුද අභ්‍යාසයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොට්ඨාසයේ ප්‍රධාන අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කරන්බීර් සිං බ්‍රාර් (Major General Karanbir Singh Brar) සහභාගී විය.

ඉන්දීය යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ඒකාබද්ධ වාර්ෂික යුද අභ්‍යාසයක් වන ‘මිත්‍ර ශක්ති- VII’ සඳහා සහභාගීවීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගැමුණු ‍හේවා බලකායේ නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසුනිලයන් 109 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම ඉකුත් සිකුරාදා (29) දින සන්ධ්‍යාවේ ඉන්දීයාව බලා දිවයිනෙන් පිටත්ව ගියහ.

මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ ඉන්දීය හමුදාවේ කුමාඕන් රෙජිමේන්තුවේ ඉන්දීය හමුදා සෙබළුන් ද සමාන සංඛ්‍යාවක් සහභාගි වෙති.

ප්‍රායෝගික හා සවිස්තරාත්මක සාකච්ඡා සහ උපායශීලී අභ්‍යාස තුළින් ඒකාබද්ධව එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සාර්ථකව සිදුකිරීම සඳහා මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සැලසුම් කර ඇත.

මෙම ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය පැවැත්වීම තුළින් හමුදා සහයෝගීතාව සහ ක්‍රියාකාරිත්වය මෙන්ම ඉන්දු-ශ්‍රී ලංකා සබඳතාවල ශක්තිය ද පෙන්නුම් කරයි. url clone | UK Trainer News & Releases