Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2019 21:45:16 Hours

උපදේශකයින් පුහුණු කිරීමේ තවත් වැඩමුළුවක් ආරම්භ කරයි

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ නිවාරණ වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය එක්ව යුද්ධ හමුදා සාමාජිකයින් අතර මානසික, පෞද්ගලික ජීවිත ගැටළු සහ අනෙකුත් දැවෙන ගැටලු විසඳීම සඳහා උපදේශක නිලධාරී බිහිකිරීමේ පුහුණු වැඩසටහනක් දියත් කරන ලදී.

මෙම පුහුණු වැඩසටහන යාපනය සහ කිලිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 25 වන දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පවත්වනු ලැබීය.

ආචාර්ය කර්නල් ඒ.ටී.එස්. ආරියරත්න විසින් මෙහෙයවනු ලැබූ පුහුණු වැඩමුළුව සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් 19 දෙනෙකු සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් 22 කු සහභාගී වූහ.

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් මත එම උපදේශකයින් පුහුණු කිරීමේ පුළුල් වැඩසටහනක් කොළඹ යුද්ධ හමුදා රෝහලේදී නොඹෝ දිනකින් ආරම්භ වීමට නියමිතව ඇත.latest jordan Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News