Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2019 16:45:02 Hours

යුද ප්‍රවීණයන් නාවුල වෙත ලගා වේ

විශ්‍රාමික ප්‍රවීණයන් දෙදෙනෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2 වන ගජබා රෙජිමේන්තුවට අයත් (විශ්‍රාමික) සාමාන්‍ය සෙබල ආර්ඩබ්ලිව්වී පියතිස්ස සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ (විශ්‍රාමික) බළලත් නිලධාරි එම්.බී.ඩබ්ලිව්. කුමාර යන වීරෝදාර රණවිරුවන් දෙදෙනා ඉකුත් සිකුරාදා (22) දින යාපනය අර්ධද්වීපයේ පිහිටි නාගදීප විහාරස්ථානයේ සිට කතරගම පුද බිම දක්වා පා ගමනින් ගමන් ආරම්භ කළහ. මෙම යුද විරුවන් දෙදෙනා ඉරිදා (01) දින දඹුල්ල සහ නාවුල ප්‍රදේශ වෙත ලගාවීමත් සමඟ 11 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එම වීරෝදාර රණවිරුවන් දෙදෙනා පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.

11 වන සේනාංකයේ ව්‍යාපෘති නිලධාරී බ්‍රිගේඩියර් ශාන්ත හේරත් ඇතුළු නිලධාරීන් සහ සෙසුනිළයින් සමගින් විශේෂ බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් නිශ්ශංක ඊරියගම විසින් දඹුල්ල රජමහා විහාරය අසලදී පිළිගනු ලැබීය. මෙය ඔවුන්ගේ පා ගමනේ 10 වන දිනයයි. bridgemedia | Nike Air Max 270