30th November 2019 21:34:16 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 573 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එම බලප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් අතර කොස් පැළ බෙදාදීමේ ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී.
573 වන බලසේනා බලප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් 250 දෙනෙකු ඉකුත් සෙනසුරාදා (23) දින එම බලසේනා මූලස්ථානයට ආරාධනා කිරීමෙන් අනතුරුව කොස් පැළ 1500 ක් බෙදාදුන්හ.
මෙම කොස් පැළ බෙදාදීමේ ව්‍යාපෘතිය සඳහා 573 වන බලසේනාවේ බලසේනාධිපති සමගින් 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි සහ එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ද සහභාගී වූහ. trace affiliate link | Nike Running