30th November 2019 16:35:02 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී.වී. රවිප්‍රිය පසුගියදා 57 වන සේනාංක මූලස්ථානයේ සිදු කළ සංචාරයක් අතරතුර පවතින අයහපත් කාළගුණයත් සමග ඇදහැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ හදිසි ගංවතුර තත්ත්වයක් ඇතීවීමේ ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳව සුපරික්‍ෂාකාරී වන ලෙස සියළු සේනාංකාධිපතිවරුන්ට උපදෙස් ලබාදෙන ලදී.
ඉන් අනතුරුව, 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 2019 නොවැම්බර් මස 24 දින ගංවතුර අවධානමට ලක්ව ඇති ප්‍රදේශයන්හී සංචාරය කර පෙර අවස්ථාවන්වලදී මෙන්ම ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා සූදානම් වන ලෙස සියළු බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින්ට උපදෙස් ලබාදුන්හ.
මෙම අවස්ථාවේදී, මීට පෙර ඇතිවූ ගංවතුර තත්ත්වයන්හීදී යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආදර්ශවත් හැසිරීම මෙන්ම ඔවුන්ගේ විශිෂ්ඨ මුදාගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් පිළිබඳව සිහිපත් කළ එතුමන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා භටපිරිස් දක්වන දායකත්වය පැසසුමට ලක් කළේය. latest Running Sneakers | balerínky