Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2019 21:45:07 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් දියතලාව නගරය පිරිසිදු කරයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් රාජ්‍ය අනුග්‍රහයලත් නගර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින දියතලාව නගරය පිරිසිදු කිරීම සඳහා සිය දායකත්වය දැක්වූහ.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ මඟපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගුවන් හමුදා සාමාජිකයින්, පොලිස් සාමාජිකයින්, පාසල් සිසුන් සහ සිවිල් සංවිධාන සමඟ එක්ව නගරය අලංකාරවත් කර පිරිසිදු කිරීමේ ප්‍රජා වැඩසටහනකට දායකත්වය ලබාදුන්හ. bridge media | NIKE AIR HUARACHE