Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2019 13:00:02 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් මොණරාගල ප්‍රදේශයේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගට පෙනී සිටින සිසුන් සඳහා සම්මන්ත්‍රණයක් පවත්වයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දුෂ්කර ප්‍රදේශවල ජිවත්වන සිසුන්ට උපකාර කිරීමේ අරමුණින් මෙවර අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් සම්මන්ත්‍රණයක් ඉකුත් බඳාදා (27) දින මොණරාගල ඇතිමලේ මහා විද්‍යාලයේදී සංවිධානය කරන ලදී.

මෙම සම්මන්ත්‍රණය 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දන සෝමවීර ගේ මුලිකත්වයෙන් පැවැත්විණි. මොණරාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ අනුමැතිය මත පැවැත්වූ මෙම සම්මන්ත්‍රණය සඳහා සිසුන් 200 කට අධික පිරිසක් සහභාගි වූහ. මෙම සම්මන්ත්‍රණයේ දේශන සහය කලාප අධ්‍යාපන කාර්යාලය විසින් ලබාදුන්හ.

මෙම සම්මන්ත්‍රණය සංවිධානය කීරිමට අමතරව 121 වන බලසේනාවේ භටපිරිස් සම්මන්ත්‍රණ සඳහා සහභාග වූ සිසුන්ට උදෑසන සහ දිවා ආහාරය නොමිලේ ලබාදුන්හ. Running sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov