Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2019 16:50:02 Hours

‘මිත්‍ර ශක්ති‘ යුද අභ්‍යාසය සඳහා සහභාගීවන භටපිරිස් ඉන්දීයාව බලා පිටත්ව යයි

ඉන්දීය යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ඒකාබද්ධ වාර්ෂික යුද අභ්‍යාසයක් වන ‘මිත්‍ර ශක්ති- VII' සඳහා සහභාගීවීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගැමුණු ‍හේවා බලකායේ නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසුනිලයන් 109 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉකුත් සිකුරාදා (29) දින සන්ධ්‍යාවේ ඉන්දීයාව බලා දිවයිනෙන් පිටත්ව ගියහ.

හත්වන වරටත් පැවැත්වීමට නියමිත මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සඳහා සහභාගි වන භටපිරිස් සති දෙකක කාලයක් දෙරට අතර පවතින අන්තර් සම්බන්දතා වැඩි දියුණු කර ගැනීම, යුධ සහයෝගීතාවය, ඒකාබද්ධ උපාය මෙහෙයුම් පැවැත්වීම, දෙරට යුද අත්දැකීම් හුවමාරු කර ගැනීම, අන්තර්ජාතික යුද ගැටළු පිළිබඳ අවබෝධය හා අනාගතයේදී සිදුවිය හැකි ආරක්‍ෂක තර්ජන සඳහා සුදානම් වීමට අවශ්‍ය ප්‍රමාණවත් දැනුමක් ලබාගැනීමට සැලසුම් කර ඇත.

මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාස වැඩසටහනේ අරමුණ වනුයේ යුධ උපක්‍රම පිළිබඳව දෙරට අතර ඇති දැනුම හුවමාරු කර ගැනීමයි. එහිදි පාබල අවි ආයුධ ඵලදායී ලෙස යොදා ගැනීම, පාබල හමුදා තාක්‍ෂණය, ප්‍රතිත්‍රස්ථ සටන් ක්‍රම, කුඩා කණ්ඩායම් මෙහෙයුම්, සැඟවුණු වෙඩික්කරු පුහුණුව, දිගුදුර මෙහෙයුම්, ත්‍රස්තවාදී සැඟවුණු බෝම්බ ප්‍රහාර, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හා දෙරට අතර වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව පුහුණු අභ්‍යාසයන් පැවැත්වේ. මෙම අභ්‍යාසය 2012 වර්ෂයේ සිට දෙරට අතර වාර්ෂිකව පවත්වනු ලබන යුද පුහුණු අභ්‍යාසයක් වන අතර එය දෙරට අතර පවතින අන්තර් සම්බන්දතා වැඩිදියුණු කරගැනීමේ අරමුණින් ඉන්දියාවේ තුන් වතාවක් සහ ශ්‍රී ලංකාවේ තුන් වතාවක් පවත්වා ඇත.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, පාබල අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂක සමඟ එක්ව යුද අභ්‍යාසය සඳහා අවශ්‍ය සියළු කටයුතු සාර්ථකව සිදුකර ඇත.

කර්නල් භාතිය මදනායක මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ සම්බන්ධීකාරක සහ නිරීක්‍ෂක ලෙස කටයුතු කරන අතර මේජර් රුවන් එදිරිසිංහ ‘මිත්‍ර ශක්ති - VII’ යුද අභ්‍යාසයේ අධීක්‍ෂකයෙකු ලෙස කටයුතු කරනු ඇත.

යුද අභ්‍යාසයට සහභාගීවීම සඳහා ඉන්දීයාව බලායන භටපිරිස් වෙත සුභපැතුම් එක් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ගුවන් තොටුපළට පැමිණ සිටියහ. Sports Shoes | adidas