Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2019 14:00:02 Hours

යාපනයේ යුද්ධ හමුදා සාමාජිකයින් පොල් වගා කිරීම පිළිබඳ අත්හදාබලයි

පලාලි යුද්ධ හමුදා ගොවිපලෙහි අක්කර 6 ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි පොල් බීජ 358 ක් ප්‍රමාණයක් පොල් පර්යේෂණ ආයතනය සමඟ සාකච්ඡා කර පර්යේෂණාත්මක පදනමින් ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින රෝපණය කරන ලදී. මෙම පළමු පැළ කිහිපයක් රෝපණය කිරීමේ අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සහභාගි විය.

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් උතුරු පළාතේ පොල් වගා කළ හැකිද යන්න පිළිබඳ අත්හදා බැලීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කරන ලදී. මෙම වැඩසටහන සඳහා පොල් පර්යේෂණ ආයතනයේ නිලධාරීන්, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිළයින් රැසක් සහභාගි වූහ. Sports Shoes | Air Jordan