Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2019 16:00:02 Hours

663 වන බලසේනා බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සූර්ය බලශක්ති පද්ධති බෙදාදීමට භටපිරිස් සහාය දක්වයි

66 වන සේනාංකය යටතේ ස්ථාපිත 663 වන බලසේනා මූලස්ථානය සම්බන්ධතාවයෙන් කරච්චි සහ පූනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ වල පිහිටි වන්නේරිකුලම්, ජයපුරම්, වෙරාවිල් සහ වල්ලෙයිපාඩු යන ප්‍රදේශයන්හි විදුලි බලය නොමැති නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 10 ක් වෙත ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින සූර්ය බලශක්ති පද්ධති බෙදාදෙන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.ඩි. විජේසුන්දර භටපිරිස් සහ ග්‍රාම සේවා නිලධාරීන් සමඟ එක්ව ප්‍රතිලාභීන් තෝරා ගන්නා ලදී.

663 වන බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබූ සූර්ය බලශක්ති පද්ධති බෙදාදීමේ කෙටි උත්සවය සඳහා 663 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුභාෂ් ලියනගම, සිවිල් සම්බන්ධිකරණ නිලධාරී සහ ප්‍රතිලාභීන් සහභාගී වූහ. තවද, මෙම අවස්ථාව සඳහා ආගමික පූජකවරුන්, පාසල්වල විදුහල්පතිවරුන් සහ ග්‍රාම නිලධාරීන් සහභාගි වූහ.

එම උත්සවය අතරතුරදී, ගෙවතු වගාව සඳහා දිරිගන්වමින් තිබ්බටු පැළ තොගයක් ද අසරණ පවුල් අතර බෙදාදෙන ලදී. මෙම අවස්ථාව සඳහා ගම් වාසින් විශාල පිරිසක් සහභාගි වූහ. Sports Shoes | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival