Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2019 12:58:43 Hours

නේපාලයේ පැවැත්වෙන තරඟාවලියකට සහභාගිවීමට නියමිත යුද්ධ හමුදා පැසිපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුබපැතුම්

නේපාලයේ, කත්මණ්ඩු නුවර පැවැත්වීමට නියමිත දකුණු ආසියා පැරා මළල ක්‍රීඩා තරඟාවලියට සහභාගීවීමට නියමිත යුද්ධ හමුදා පැසිපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (28) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයට ආරාධනා කළ අතර එහිදී ජයග්‍රහණය සඳහා ඔවුන් දිරීමත් කළ යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ට විශ්වාසයෙන් යුතුව ක්‍රීඩා කිරීමට උපදෙස් ලබාදුන්හ.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනා සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ සූදානම පිළිබඳ විමසා සිටියේය. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රයිෆල් සෙබළ කේ.එස්.එස්. පෙරේරා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සාමාන්‍ය සෙබළ ගජනායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළ කේ.කේ.එම්.ටී.එස්. ප්‍රනාන්දු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළ කේ.එම්.ජි. සිරිවර්ධන සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළ කේ.ඩි.ඩි. ගුණවර්ධන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙලෙස යුද්ධ හමුදාධිපතිතුමන් හමුවී ආශිර්වාද ලබාගත්හ.

යුද්ධ හමුදාධිපතිතුමන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනාට සමරුතිළිණ ප්‍රදානය කළ අතර ඔවුන්ගේ අනාගත ජයග්‍රහණ සඳහා සිය සුබපැතුම් ද එක් කළේය. මෙම අවස්ථාව උදාකරදීම වෙනුවෙන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය ස්තූතිය පුද කළහ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා පැසිපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා සහ යුද්ධ හමුදා පැසිපන්දු කමිටුවේ ලේකම් ද සහභාගි වූහ. Nike air jordan Sneakers | Hats to Match Jordans Hyper Royal Bulls Hat