Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2019 11:50:13 Hours

662 වන බලසේනාවේ භටපිරිස් අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කරයි

662 වන බලසේනාවේ භටපිරිස් තවත් එක් මානූෂීය ව්‍යාපෘතියක් ලෙස 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.ඩී. විජේසුන්දර ගේ සහ 662 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් පී.ආර්. පතිරවිතාණ ගේ ඉල්ලීමකට අනුව කොළඹ කොටුවේ පිහිටි රොටරි සමාජය විසින් පරන්තන් ප්‍රදේශයේ උමයාලපුරම් ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා පාසල් උපකරණ තොගයක් ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින බෙදාදෙනු ලැබීය.

එම ප්‍රාථමික විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරණ පාසල් සිසුන් 36 දෙනෙකු වෙත රුපියල් 125,000/= ක වටිනාකමින් යුත් අභ්‍යාස පොත්, පාසල් බෑග්, වතුර බෝතල්, කෑම පෙට්ටි, පොත්, කඩදාසි ඇතුළු අනෙකුත් පාසල් උපකරණ තොගයක් කෙටි උත්සවයකදී මෙලෙස බෙදාදෙන ලදී.

මෙම අවස්ථාවට කොළඹ කොටුවේ පිහිටි රෝටරි සමාජයේ සභාපති සහ තවත් සාමාජිකයින් 4 දෙනෙකු සහභාගි වූ අතර 662 වන බලසේනාවේ බලසේනාධිපති, 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී, අනෙකුත් නිලධාරීන්, දෙමාපියන්, ගුරුවරුන්, සිසුන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් ද සහභාගි වූහ.

මෙම පරිත්‍යාග වැඩසටහන පැවැත්වීමට ප්‍රථම භටපිරිස් දෙමාපියන් සහ සිවිල් වැසියන් සමඟ එක්ව පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කළහ. Running sport media | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp