Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2019 11:00:13 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ තුනුක්කායි ගම්වැසියන්ට පිරිසිදු ජලය සැපයීම සඳහා ජල පිරිපහදු ඒකකයක් ස්ථාපිත කරයි

652 වන බලසේනා මූලස්ථානයේ භටපිරිස් සහ තුනුක්කායි ප්‍රදේශයේ සිවිල් වැසියන්ට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා ‘Pure Tech පුද්ගලික සමාගම’ අනුග්‍රාහකත්වයෙන් ‘මනුසත් දෙරණ’ ව්‍යාපෘතිය සමඟ එක්ව නව ජල පිරිපහදු ඒකකයක් බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කරන ලදී. අභිනවයෙන් ස්ථාපිත කරන ලද ජල පිරිපහදු ඒකකය ඉකුත් අඟහරුවාදා (26) දින පැවැති කෙටි උත්සවයකදී යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් වෙනුවෙන් විවෘත කරන ලදී.

දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් පැවැති නව ජල පිරිපහදු ඒකකය 652 වන බලසේනා මූලස්ථානයේ ස්ථාපිත කිරීමෙන් මෙම ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ සිවිල් වැසියන්ට නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Diseases) වැළදීමේ ප්‍රවණතාවය අවම කරගත හැකිය.

නව ජල පිරිපහදු ඒකකය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කරන ලද අතර එමඟින් දිනකට ජල ලීටර් 5000 ක ධාරිතාවක් සැපයීමේ හැකියාව ඇත.

තවද, අවට ගම්වැසියන්ට මෙන්ම බලප්‍රදේශයේ ස්ථානගත 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවය කරන භටපිරිස් වෙත ද පානීය ජලය සැපයීමට පහසුකම් සලසා ඇත.

මෙම ජල පිරිපහදු ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට 65 වන සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ‘මනුසත් දෙරණ’ ව්‍යාපෘතියේ නියෝජිතයින් කණ්ඩායමක් සහ ‘Pure Tech පුද්ගලික සමාගමේ’ නියෝජිතයින් කණ්ඩායමක් සහභාගි වූහ. Best jordan Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp