Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2019 21:45:07 Hours

මැතිවරණ කටයුතු සඳහා යුද්ධ හමුදාව ලබාදුන් සහයෝගය පිළිබඳ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සිය හමුදා ප්‍රධානීයාගේ සුබපැතුම් එක්කරයි

කොළඹ පිහිටි පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලී (Sajjad Ali) අද (28) දින මධ්‍යහනේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද හමුව අතරතුරදී, පසුගියදා පැවැති ජනාධිපතිවරණය ආදර්ශවත් ලෙස පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලබාදුන් විශිෂ්ට දායකත්වය පිළිබඳ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සිය හමුදා මාණ්ඩලික ප්‍රධානීයාගේ සුබපැතුම් එක් කළේය.

මෙහිදී, දෙපර්ශවය අතර පොදු කරුණු සහ දෙරට හමුදා අතර පවත්නා සහයෝගීතාව පිළිබඳ සුහදව අදහස් හුවමාරු කරගත්හ. පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදා මූලස්ථානයේ සිදුකළ සංචාරය සිහිවනු වස් සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. තවද, නව යුද්ධ හමුදාධිපතිතුමන්ට අනාගත කටයුතු සාර්ථක කරගැනීම සඳහා පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් සිය සුබපැතුම් පිරිනමන ලදී. latest Running Sneakers | nike fashion