Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2019 00:33:53 Hours

අභාවප්‍රාප්ත ලුතිතන් කර්නල් බැස්ටියන් යුද විරුවාට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ගෞරවාචාරය

අභාවප්‍රාප්ත විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් එච්. එල්. සී බැස්ටියන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ අවමංගල්‍ය උත්සව අවස්ථාවට ඉකුත් සදුදා (25) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වෙමින් සිය අවසන් ගෞරවාචාරය දැක් වූහ.

මියගිය ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අවසන් කටයුතු යුද්ධ හමුදා නිළධාරීන්, භටපිරිස් සහ ශෝකවන්නන් අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පූර්ණ හමුදා ගෞරව සහිතව ඉකුත් සුඳුදා (25) දින සන්ද්‍යාවේ ගාල්ල දඩැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරිනි. එම අවස්ථාවට සහභාගි වු යුද්ධ හමුදාධිපතිතුමන් මියගිය ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ නිවසට පැමිණ පවුලේ සාමාජිකයින් සමඟ ශෝකය බෙදාගනිමින් අවමංගල්‍ය පෙරහැර සමඟ පොදු සුසාන භූමිය වෙත ගමන් කළහ.

ලුතිතන් කර්නල් බැස්ටියන් ජ්‍යෙෂ්ඨ නිලධාරී මියයන විට 56 වන සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී l (පාලන හා භකාස) ලෙස සේවය කරමින් සිටියේය. ජාතික ධජයෙන් ආවරණය කර කාලතුවක්කු ගලැමත තැන්පත් ලද මෙම රණවිරුවාගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර සුසාන භූමීය වෙත ලගාවීමෙන් පසු යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද විශේෂ පළමුවන කොටසේ නියෝගය කියවන ලදි. අනතුරුව ඔහු විසින් හිමිකරගන්නා ලද පදක්කම් හා පලඳනා එතුමන්ගේ පවුලේ ඥාතීන් හට හමුදා චාරිත්‍රානුකූලව පිළිගන්වන ලදි.

යුද්ධ හමුදාව සහ රට වෙනුවෙන් නොමැකෙන සේවාවක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ දේහය ගෞරවාචාර වෙඩිමුර මධ්‍යයේ මිහිදන් කරන ලදී.

අවමංගල්‍ය උත්සවය විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ආර්.කේ.බී.එස්. කැටකුඹුර ඇතුළු පවුලේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ශෝකවන්නන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති විසින් නිකුත් කරන ලද පළමුවන කොටසේ නියෝගය පහතින් දක්වා ඇත.

ලුතිතන් කර්නල් එච්.එල්.සී බැස්ටියන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී

වර්ෂ 2019 නොවැම්බර් මස 23 වන දින දැයෙන් සමුගත් ලුතිතන් කර්නල් එච්.එල්.සී. බැස්ටියන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අකල් වියෝව වෙනුවෙන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් ඇතුළු සියළුම නිලයින් ගේ හදපිරි ශෝකය සහ කණගාටුව ප්‍රකාශකරමී.

හතුමුනේ ලියනගේ චිරංජය බැස්ටියන් වර්ෂ 1974 දෙසැම්බර් 15 වන දින ගාල්ල මහ රෝහලේදී හතුමුනේ ලියනගේ සිඩ්නි රෝලන්ඩ් සහ වල්ගම කන්කානම්ගේ යසවතී යන මාපිය දෙපලට දාව උපත ලැබීය. ලුතිනන් කර්නල් එච්. එල්. සී බැස්ටියන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී අධ්‍යාපනය ලැබුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙනි. ඔහු පාසල් කාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකි.

උසස් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු තරුණ එච්.එල්.සී. බැස්ටියන් වර්ෂ 1995 ජනවාරි මස 27 වන දින කෙඩෙට් නිලධාරීයෙකු ලෙස ශ්‍රී ලංකා හමුදා නිත්‍ය බලකාය වෙත බැඳි දියතලාව ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 42 යටතේ මුලික යුද පුහුණුව සාර්ථකව හදාරන ලදී. ඉන් අනතුරුව වර්ෂ 1996 දෙසැම්බර් මස 21 වන දින 2 වන ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්විමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් රෙජිමේන්තුවක් වන විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත ඇතුලත් කරන ලදී. එතුමන්ගේ රාජකාරි කාලසීමාව තුළ මාණ්ඩලික නිලධාරී තනතුරු රැසක් හෙඹවු අතර එහිදි ඉහළ මට්ටමේ වෘත්තීය නිපුණතාවයක් සහ තමාට පවරා ඇති රාකාරින් උපරිමයෙන් ඉටු කළේය.

වර්ෂ 1998 ජුලි මස 27 වන දින ලුතිතන් නිලයටත්, වර්ෂ 2001 ජූලි මස 27 දින කපිතන්වරයෙකු ලෙසත්, වර්ෂ 2005 ජූලි මස 27 දින මේජර් සහ වර්ෂ 2017 අප්‍රේල් මස 26 දින ලුතිනන් කර්නල් තනතුරට උසස් වීම් ලැබු එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා වෘත්තිය ජීවිතය තුළ වගකිවයුතු විවිධ තනතුරු රැසක් හොඹවනු ලැබීය.

4 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ කණ්ඩභාර නිලධාරී අණදෙන

4 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරී අණදෙන

211 වන බලසේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී III

4 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මෙහෙයුම් හා පුහුණු නිලධාරී

24 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී

12 වන සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II

8 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී

58 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරී I

56 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරී I

ලුතිනන් කර්නල් එච් එල් සී බැස්ටියන් හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ සහ බටහිර සහරාහි හමුදා නිරීක්ෂකයෙකු ලෙස රාජකාරි ඉටුකර තිබේ. එතුමන් සිය වෘත්තීය ජීවිතයේ විවිධ අවස්ථා වලදී දේශීය හා විදේශීය පාඨමාලාවන් රැසක් හදාරා ඇත. ඉන් පාඨමාලාවන් කිහිපයක් පහතින් දැක්වේ:

මුලික ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලාව

කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව

ඉන්දියාවේ තරුණ නිලධාරී පාඨමාලාව

පකිස්ථානයේ කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව

ඉන්දියාවේ මූලික පැරෂුට් පාඨමාලාව

මාතෘභූමිය ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලැබු රිවිරැස, ජයසිකුරු, කිනිහිර, අග්නිකීල, උතුරු හා නැගෙනහිර මානුෂීය මෙහෙයුම වැනි ප්‍රධාන මෙහෙයුම් සඳහා සක්‍රීයව සිය දායකත්වය ලබාදී තිබේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන් කළ කීර්තිමත් සේවය අගය කරමින් පහත සඳහන් පදක්කම් පිරිනමන ලදී.

රණ වික්‍රම පදක්කම

රණ ශුර පදක්කම

නැගෙනහිර මානුෂිය මෙහෙයුම් පදක්කම

උතුරු මානුෂිය මෙහෙයුම් පදක්කම

පූර්ණ භූමි පදක්කම

උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම

රිවිරැස මෙහෙයුම් සේවා පදක්කම

50 වන නිදහස් සංවත්සර පදක්කම

ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිර්ඝ සේවා පදක්කම

විදේශ සේවා පදක්කම

විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් එච්.එල්.සී. බැස්ටියන් වසර 24 කට වැඩි කීර්තිමත් හමුදා වෘත්තිය තුළ තම රෙජිමේන්තුවේ නිලධාරීන්ට සහ සෙසුනිළයින්ට ආදර්ශමත් ගුණාංගයන්ගෙන් පිරි නායකයකු ලෙස යුද්ධ හමුදාවට හා මවුබිමට අමිල මෙහෙවරක් ඉටු කළේය. තවද එතුමන් විසින් විජයබාහු පාබල රෙජිමේන්තුවට ලබා දුන් ආදර්ශමත් නායකත්වය සදා අමරණිය වේ.

ලුතිනන් කර්නල් එච්.එල්.සී. බැස්ටියන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අවසන් කටයුතු 2019 නොවැම්බර් 25 වන දින දඩැල්ල පොදු සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරව සහිතව පැවැත්විය. එහිදි විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ඇතුළු සෙසුනිළයින් එතුමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ එක්ව ශෝකාකූල අවස්ථාවට එක් වුහ.

දිවංගත ලුතිනන් කර්නල් එච්.එල්.සී. බැස්ටියන් යුද විරුවා මෙලෙස අප අතරින් වෙන්ව ගියද එතුමන් රට දැය වෙනුවෙන් සිදු කරන ලද ආදර්ශමත් සේවය සැමවිටම මතකයේ රැඳෙනු ඇත. ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රගතිය උදෙසා එතුමන් සිදුකළ දායකත්වය අප සියල්ලන් අගය කරනු ඇත. ඔබ සදහටම ලක් මවගේ සැබෑ වීර පුතෙකු වනු නොඅනුමානය.

“ඔබට උතුම් නිර්වාන සුවය ලැබේවා”jordan Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp