Header

Sri Lanka Army

Defender of the Nation

18th November 2019 20:28:36 Hours

572 වන බලසේනාවේ භටපිරිස් කාන්තාවගේ ජීවිතය බේරාගනී

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි 572 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින ක්ෂණිකව ක්‍රියාත්මක වී ගැඹුරු ගොවි ළිඳකට අහම්බෙන් වැටුණු කාන්තාවකගේ ජීවිතය බේරාගැනීමට සමත්විය.

බටහිර විශ්වමඩු තෝටාඩි ප්‍රදේශයේ පදිංචි පද්මනාදන් කේමලතා මහත්මිය අඩි 40 ක් පමණ ගැඹුරකින් යුත් අනාරක්‍ෂිත ගොවි ළිඳකට වැටුණු අවාසනාවන්ත අනතුර පිළිබඳ අවට ප්‍රදේශයේ පිරිස් යුද්ධ හමුදා භටපිරිස් දැනුවත් කිරීමෙන් අනතුරුව කඩිනමින් ක්‍රියාත්මක වූ භටපිරිස් ඇගේ හිස ජල මට්ටමට ඉහළින් තබාගැනීමට කටයුතු කළහ. ප්‍රදේශයේ පවතින් අයහපත් කාලගුණයත් සමඟ ළිදේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම මුදාගැනීමේ මෙහෙයුම වඩාත් අභියෝගාත්මක වූවද කාන්තාව නිරෑපද්ධිතව බේරාගැනීමට විවිධ උපක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සිදුවිය.

කෙසේ වෙතත්, මේජර් යූ.කේ.බී. සුබසිංහ ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ මුදාගැනීමේ කණ්ඩායම ඔවුන්ගේ ජීවිත පරදුවට තබා ඇයගේ ජිවිතය බේරාගැනීමට සමත් විය. ඇයව බේරාගත් විගසම ප්‍රථමාධාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ළඟම ඇති රෝහලට යවා ඇත.

යුහුසුළුව ක්‍රියාත්මක වී යුද්ධ හමුදා භටපිරිස් විසින් ඇය බේරාගැනීම පිළිබඳ අනතුරට පත් කාන්තාවගේ පවුලේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් ස්තූතිය පූද කළහ. latest Running | Women's Nike Superrep