Header

Sri Lanka Army

Defender of the Nation

14th November 2019 22:40:50 Hours

572 වන බලෙස්නාවේ භටපිරිස් ‘මානව සම්පත් කළමනාකරණය’ පිළිබඳ දේශණයකට සවන්දෙයි

572 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.එම්.පී.පී. දසනායක ගේ සංකල්පයකට අනුව එම බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් ‘මානව සම්පත් කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ඉකුත් සඳුදා (11) දින එම බලසේනාව විසින් සංවිධානය කරන ලදී.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්රිය ගේ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්රදීප් ද සිල්වා ගේ උපදෙස් මත මෙම කාලෝචිත වැදගත්කමක් ඇති දේශනය පවත්වන ලදී.

කොළඹ විශ්වවිද්යාලයේ කළමනාකරණ හා මුල්ය පීඨයේ ඩබ්ලිව්.ජී. ප්රේමරත්න මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම දේශනය සඳහා යුද්ධ හමුදා නිලධාරින්, ජ්යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සහ කොමිෂන් නොලත් නිලධාරින් රැසක් සහභාගී වූහ. best Running shoes brand | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival