Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2019 10:34:00 Hours

කෙවිලියාමඩුව ප්‍රදේශයේ දී පැවති ‘කඨින’ පූජා පිංකමක් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සහාය දක්වයි

කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ වාර්ෂික ‘කඨින චීවර පූජා පිංකම’ පැවැත්වීම සඳහා 231 වන බලසේනාවේ සහ 4 වන ගැමුණු හේවා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිය දායකත්වය දුන්හ. මඩකලපුව මංගලාරාමයෙහි ප්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සුමනරත්න ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම පිංකම පැවැත්විය.

මෙම උතුම් පිංකම සඳහා 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් මිහිඳු පෙරේරා, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් සම්බන්ධීකරණ (ස්වේච්ඡා) කර්නල් සුනිල් තිලකරත්න සහ 4 වන ගැමුණු හේවා බලකායේ ලුතිනන් කර්නල් සුරාජ් ගමගේ සහභාගී වූහ.

මෙම පිංකමට සමගාමීව එම විහාරස්ථානයේ ‘බෝ’ මළුවේ වටා තැන්පත් කිරීම සඳහා බුද්ධ ප්‍රතිමා 28 ක් (අටවිසි බුද්ධ ප්‍රථිමා) පූජා කරන ලදී. Nike Sneakers | Sneakers Nike