09th November 2019 16:30:16 Hours
මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන්ට ‘මෘදු කුසලතා’ පුහුණු වැඩමුළුවක් මෘදු කුසලතා ජාත්‍යන්තර පුද්ගලික සමාගම විසින් පැවැත්වූ අතර නොවැම්බර් මස 04 වන දින ආරම්භ කරන ලද එම වැඩමුළුව සතියක් පුරා පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් මත බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ මඟපෙන්වීම යටතේ පැවැති මෙම වැඩමුළුව සඳහා නිලධාරින් 21 දෙනෙකු සහභාගි වූහ.
මෙම වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගි වූ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් ඩි.බී.සී. ජයසිංහ ආරම්භක දේශනය පැවැත්විය. Running sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ