09th November 2019 17:04:16 Hours
දිවයින පුරා යුද්ධ හමුදා කඳවුරු පරිශ්‍රයන්හි දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’, ‘වන රෝපා’, ‘පරිසරය පාරිශුද්ධයි’ යන රුක් රෝපණ ව්‍යාපෘතින්ට සමගාමීව “පරිසර පුනරුදය” යන තේමාව යටතේ තවත් රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදී.
වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (07) දින රුක් රෝපණ වැඩසටහනක් පැවැත්විණි.
මෙම ව්‍යාපෘතිය යටතේ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන කඳවුරු පරිශ්‍රයේ ‘දෙහි‘ පැළ 100 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ රුක් රෝපණ ව්‍යාපෘතිය ආරම්භ කරමින් පළමු පැළය රෝපණය කළ අතර ඉන් අනතුරුව වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් පැළ රෝපණය කළහ.
මෙලෙස රෝපණය කරන ලද පැළ දේශගුණික තත්ත්වයන්ට සරිලන පරිදි වැඩෙන තුරු හොඳින් රුකබලා ගනී. spy offers | Air Jordan