09th November 2019 10:30:00 Hours
යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජඳුරේ සිරි විමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් නොවැම්බර් මස 9 සහ 10 දිනයන්හි පැවැත්වූ යාපනය ශ්‍රී නාග විහාරයේ වාර්ෂික ‘කඨින පූජෝත්සවය’ සාර්ථකව කරගැනීම සඳහා යාපනයේ භටපිරිස් සිය උපරිම සහයෝගය ලබාදුන් අතර මෙම පිංකමට සහභගී වූ බැතිමතුන් 2000 කට අධික පිරිසකට ‘දන්සලක්’ ද පවත්වන ලදී.
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 51 වන සේනාංකය විසින් මෙම වාර්ෂික කඨින උත්සවය සංවිධානය කරන ලදී. සෑම වසරකට එක් වරක් පවත්වනු ලබන මෙම ‘කඨින පූජෝත්සවය’ සාර්ථක කරගැනීම සඳහා දායකයින් කිහිපදෙනෙකු මූල්‍යමය ආධාර ලබාදුන්හ. චාරිත්‍ර හා වාරිත්‍ර ආරම්භ කරමින් ‘කඨින චීවරය’ වර්ණවත් පෙරහැරකින් විහාරස්ථාන පරිශ්‍රයට වැඩම කළහ.
512 වන බලසේනා මූලස්ථානයෙන් වැඩම කරන ලද ‘කඨින චීවරය’ මහා සංඝරත්නය වෙත පූජා කිරීමට ප්‍රථම ධර්ඹ දේශනා සහ ආගමික වතාවත් සිදුකරන ලදී. මහා සංඝරත්නයට හීල් දානය සහ දහවල් දානය පිළිගැන්වූ අතර ‘අටපිරිකර’ පූජා කිරීමෙන් මෙම උතුම් පිංකම නිමාවට පත් විය. 513 වන බලසේනා මූලස්ථානයේ භටපිරිස් සහ 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් මෙම කඨින පිංකමේ අවසන් දින ඉරිදා (10) දින මධ්‍යයහනේ පිංකම සඳහා සහභාගිවූ බැතිමතුන් 2000 කට අධික පිරිසක් සඳහා ‘දන්සලක්’ සංවිධානය කරන ලදී.
මෙම වර්ණවත් කඨින පෙරහැර දැකබලා ගැනීම සඳහා ආගමික පූජකවරුන්, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති, 51 වන සේනාංකයේ සේනාංකාධිපති, 55 වන සේනාංකයේ සේනාංකාධිපති, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී හා බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින්, ගුවන් හමුදා හා පොලිස් සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ. Sports News | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK