Header

Sri Lanka Army

Defender of the Nation

07th November 2019 18:28:33 Hours

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකළ කොනොනි සමාජ ශාලාව සහ මුළුතැන්ගෙය විවෘත කරයි

අනුරාධපුර - ගල්කුලම ප්‍රදේශයේ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අභිනවයෙන් ඉදිකරන ලද කොනොනි සමාජ ශාලාව සහ මුළුතැන්ගෙය එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.එම්.එම්.පී. මහේෂ් කුමාර ගේ ආරාධනයකට අනුව ඉකුත් බ්‍රහස්පතින්දා (07) දින සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන අණසක ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන ගේ සුරතින් එම ඒකකයේ භටපිරිස් වෙනුවෙන් විවෘත කරන ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන එම ඒකකයේ අණදෙන නිලධාරී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන්ගේ සුරතින් අභිනවයෙන් ඉදිකරන ලද කොනොනි සමාජ ශාලාවේ සහ මුළුතැන්ගෙයි සමරුඵලක නිරාවරණය කර විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නිලධාරීන් සහ 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සෙසුනිලයින් සහභාගි වූහ. Best jordan Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5