Header

Sri Lanka Army

Defender of the Nation

07th November 2019 19:00:07 Hours

‘මානසික සමතුලිතතාවය’ පිළිබඳ 11 සේනාංකයේ භටපිරිස් දැනුවත් කරයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංක මූලස්ථානය විසින් ‘මානසික සමතුලිතතාවය සහ එය වැඩිදියුණු කිරීම‘ පිළිබඳ දේශනයක් ඉකුත් බදාදා (06) දින මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.

මෙම දේශනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ලුතිනන් කර්නල් සමන්ති විසින් පවත්වන ලදී.

ජීවන ප්‍රගතිය සහ තමන්ගේම දියුණුව සඳහා ඔවුන් අතර ධනාත්මක චින්තනය වැඩිදියුණු කිරීම මෙම දේශනයේ මූලික අරමුණ විය.

මෙම දේශනය සඳහා නිලධාරීන් 20 ක් සහ සෙසුනිලයින් 250 ක් සහභාගි වූහ. Sports brands | Nike Off-White