07th November 2019 19:40:07 Hours
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත ‘භූමි අලංකරණය සහ ගෙවතු වගාව’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් නොවැම්බර් මස 4 සහ 5 දිනයන්හි මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී සහ 59 වන සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදී.
මෙම දේශන සැසිවාරයන් කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II මේජර් ඩි.එම්.එච්.එම්. කුමාරතිලක, අරලගන්විල - කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක කපිතාන් ඩී.එම්.එස්. බණ්ඩාර සහ කන්දකාඩු - යුද්ධ හමුදා ගොවිපලේ කෘෂිකර්ම නිලධාරී කපිතන් ඩබ්ලිව්.ඒ.පී. විජයලත් විසින් පවත්වන ලදී.
මෙම දේශන සැසිවාරයට මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව්, සේනාංක, බලසේනා සහ ඒකක නියෝජනය කරමින් යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් 100 කට අධික පිරිසක් සහභාගි වූහ. Nike Sneakers | Air Jordan