07th November 2019 19:50:07 Hours
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන අධ්‍යාපන ව්‍යාපෘතියක් ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරත වූ තවත් පෙර පාසල් සිසුන් කණ්ඩායමකට අවශ්‍ය පහසුකම් සපයන ලදී. යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි විතාරනියසර පෙර පාසලේ සිසුන් 41 දෙනෙකු ඔවුන්ගේ ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ ගුවන් තොටුපල පරිශ්‍රය නැරඹීම සඳහා පැමිණ ඇත. ඔවුන් ගුවන්තොටුපළකට ගිය පළමු සංචාරය මෙයයි.
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් හා මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් මෙම සංචාරය සංවිධානය කරන ලදී. පෙර පාසල් ළමුන් ඇතුළු කණ්ඩායම ගුවන් තොටුපලේ සිදුකළ සංචාරය අතරතුර, යුද්ධ හමුදා සාමාජිකයින් කෙටි ආහාරවේලක් ලබාදෙන ලදී. Nike footwear | Nike Running