Header

Sri Lanka Army

Defender of the Nation

07th November 2019 17:38:33 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 17 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ඉකුත් බ්‍රහස්පතින්දා (07) දින කුරුණෑගල, හෙරලියාවල ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු මූලස්ථානයේදී පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී රාජකාරී ආරම්භ කරන ලදී.

රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනමන ලදී. එහිදී, නව රෙජිමේන්තු අධිපතිතුමන් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පූෂ්පෝපහාර පුද කරනු ලැබීය. ඉන් අනතුරුව, සරඹ භූමියේ දී වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් එතුමන් වෙත පිරිනමන ලදී.

මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘නා’ පැළයක් රෝපණය කළ අතර භටපිරිස් ද අමතනු ලැබීය. ඉන් අනතුරුව පැවැති සියළු නිල තේපැන් සංග්‍රහයකින් උත්සව කටයුතු අවසන් විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, කමිටු සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වූහ. latest Running | Nike Shoes