Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2019 06:05:19 Hours

නව මූල්‍ය හා අයවැය කළමනාකරණ අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

කැළණිය දළුගම ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා මූල්‍ය හා අයවැය කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් ටී.සී. මෙත්තානන්ද ඉකුත් බ්‍රහස්පතින්දා (31) දින රාජකාරි ආරම්භ කරන ලදී.

නව අධ්‍යක්‍ෂතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය රාජකාරි භාරගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා මූල්‍ය හා අයවැය කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. Buy Sneakers | Nike