Header

Sri Lanka Army

Defender of the Nation

04th November 2019 16:43:41 Hours

24 වන සේනාංකයේ නික්මයන සහ රාජකාරී භාරගත් සේනාංකාධිපතිවරුන්ට හමුදා ගෞරවාචාර පිරිනමයි

අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ජේ.චින්තක ගමගේ ඉකුත් සිකුරාදා (01) දින පැවැති උත්සවයකදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. මීට ප්‍රථම මෙම ධූරය මේජර් ජෙනරාල් ඒ.අයි මාරසිංහ විසින් හොබවන ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක්, 3 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිරිනමන ලදී.

ඉන් අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරි භාරගන්නා ලදී. 24 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 241 හා 242 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් ද සහභාගි වූහ.

එමෙන්ම, 24 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් ඒ.අයි මාරසිංහ සිය ධූරයෙන් නික්මයාමේ උත්සව අවස්ථාව හමුදා සම්ප්‍රදායානුකූලව ඉකුත් සිකුරාදා (01) දින පැවැත්විණි.

24 වන සේනාංකයේ 8 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ඒ.අයි. මාරසිංහ රාජකාරී ඉටු කළහ. සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නික්මයන සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, නික්මයන සේනාංකාධිපතිතුමන් සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී නව සේනාංකාධිපතඅි වෙත භාරදුන්හ. best shoes | Men's Footwear