03rd November 2019 12:25:08 Hours
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි 22 වන පාබල සේනාංකායේ සේනාංකාධිපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ යුද්ධ හමුදා මූලස්ථානයේ නව පත්වීමේ රාජකාරී භාරගැනීම සඳහා ඉකුත් ඉරිදා (3) දින සිය ධූරයෙන් නික්ම යනු ලැබීය.
එම සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නික්මයන සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මූරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. සම්මාන ආචාර පෙළපාලිය නිරීක්‍ෂණය කළ එතුමන් එම අවස්ථාවට සහභාගී වූ භටපිරිස් ඇමතීය.
ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එතුමන් එක්විය. එතුමන් 22 වන පාබල සේනාංකයේ 23 වන සේනාංකාධිපති ලෙස සිය ධූරයේ රාජකාරී හෙබවිය.
මෙම අවස්ථාව සඳහා 22 වන සේනාංකය යටතේ සේවයේ නියුතු සියලුම බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. latest jordan Sneakers | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C