Header

Sri Lanka Army

Defender of the Nation

03rd November 2019 05:39:54 Hours

65 වන සේනාංකයේ භටපිරිස් සඳහා පිරිසිදු ජලය ලබාගැනීමට ජල පිරිපහදු ඒකකයක්

තුනුක්කායි ප්‍රදේශයේ පිහිටි 65 වන සේනාංක මූලස්ථානයේ භටපිරිස් සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් ජල පිරිපහදු ඒකකයක් ඉකුත් අඟහරුවාදා (29) දින විවෘත කරන ලදී.

65 වන සේනාංක මූලස්ථානයට දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම ජල පිරිපහදු ඒකකය ස්ථාපනය කිරීම තුළින් එම ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට පිරිසිදු පානීය ජලය ලබාදීමෙන් එම ප්‍රදේශවලට අවේනික නිදන්ගත වකුගඩු රෝගවලට ලක්වීමේ අවධානම අවම කරගත හැක.

මෙම ජල පිරිපහදු ඒකකය මගින් දිනකට ජල ලීටර් 5000 ක් පිරිපහදු කිරීමේ හැකියාවක් ඇති අතර, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී එම ඒකකය විවෘත කරනු ලැබීය.තවද, මෙම ජල පිරිපහදු ඒකකය වෙතින් එම සේනාංක බලප්‍රදේශයේ පිහිටි 653 බලසේනාවට සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයට ද පානීය ජල පහසුකම් සැපයීමට කටයුතු යොදා ඇත. jordan release date | Nike Dunk - Collection - Sb-roscoff