Header

Sri Lanka Army

Defender of the Nation

03rd November 2019 12:25:08 Hours

කිලිනොච්චි භටපිරිස්හි මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන්ට ඇස් කණ්නාඩි 176 ක් පරිත්‍යාග කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ සම්බන්ධීකරණයෙන් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් 176 දෙනෙකු වෙත නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීමේ උත්සවයක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ඉකුත් ඉරිදා (03) දින සංවිධානය කරන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව මෙම මානුෂිය අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමුකළ බත්තරමුල්ල, සුභූතිපුර දෘෂ්ටි විශේෂඥයින්ගේ සංගමය මේ සඳහා අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් විය.

නෙලුම්පියස ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී ඇස් කණ්නාඩි බෙදාදීමට ප්‍රථම අනුග්‍රාහකයන්ගේ වෛද්‍ය කණ්ඩායමක් අක්‍ෂි පරීක්‍ෂණ පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී බ්‍රිගේඩියර් එච්.එම්.එච්.එන්. හේරත්, සිවිල් සම්බන්ධිකරණ නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. short url link | Nike