Header

Sri Lanka Army

Defender of the Nation

04th November 2019 15:13:26 Hours

නව විධායක ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 29 වන විධායක ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ සඳුදා (04) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදී. මීට ප්‍රථම මෙම ධූරය මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි විසින් හෙබවීය.

නව විධායක ජෙනරාල් ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරි භාරගන්නා ලද අතර ඔහු මීට ප්‍රථම ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කළේය.

මෙම අවස්ථාවට කර්නල් විධායක ජෙනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ එම ශාඛාවේ මාණ්ඩලික නිලධාරින් රැසක්ද සහභාගී වූහ. Sport media | Nike Air Force 1 , Sneakers , Ietp STORE