Header

Sri Lanka Army

Defender of the Nation

06th November 2019 14:27:22 Hours

‘තුරු සිරස‘ රුක් රෝපණ ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් යාපනය අර්ධද්වීපයේදී ආරම්භ කරයි

වැසි වනාන්තර ආවරණය කොට යාපනය අර්ධද්වීපය නැවත ශාක සාරයන්ගෙන් පිරි හරිත කලාපයක් බවට පත් කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘වනරෝපා’ ව්‍යාපෘතිය සහ සිරස මාධ්‍ය ජාලයේ ‘තුරු සිරස’ රුක් රෝපණ ව්‍යාපෘතිය යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගනිමින් අද (04) දින උදෑසන යාපනය මරුතන්කර්නි ප්‍රදේශයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් රුක් රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘සිරස’ මාධ්‍ය ජාල සමූහයේ අධ්‍යක්‍ෂ ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය ව්‍යාපාර අධ්‍යක්‍ෂ නේද්‍රා වීරසිංහ මහත්මිය, මහජන සම්බන්ධතා අධ්‍යක්‍ෂ ප්‍රියන්ත විජේසිංහ මහතා, යාපනය ප්‍රදේශයේ පාසල් සිසුන්, ගුරුවරුන් සහ මරුතන්කර්නි ප්‍රදේශවාසීන් සමඟ එක්ව භූ විද්‍යා, කෘෂිකාර්මික හා පාරිසරික විශේෂඥයින්ගේ උපදෙස් මත අද (4) දින උදෑසන එම ප්‍රදේශයේ පැළ 5000 ක් රෝපණය කරන ලදී. මීට ප්‍රථම, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය අනුරාධපුර - සාලියපුර ප්‍රදේශයේ දී ක්‍රියාත්මක කරන ලදී. එහිදී, සිරස මාධ්‍ය ජාලයේ සහයෝගය ඇතිව පැළ 1000 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.

අනුග්‍රාහකයන් සහ අනෙකුත් පරිත්‍යාගශීලි ආයතන විසින් ලබාදුන් කොහොඹ, අඹ, කජු, කොට්ටම්බා, සියඹලා ඇතුළු තවත් පැළ තොගයක් මෙලෙස රෝපණය කරන ලදී. එසේම, සමාජ, ආගමික හා සංස්කෘතික වටපිටාව සමඟ අර්ධද්වීපයේ සිවිල් වැසියන් සහ භටපිරිස් බෙහෙවින් සම්බන්ධ වී ඇති අතර මෙලෙස රෝපණය කරන ලද පැළ අඩි 7 – 8 ක් පමණ උසට වැඩෙන තෙක් ඔවුන් ජලය දමා පෝෂණය කරනු ඇත.

මෙම රුක් රෝපණ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ආගමික පූජකවරුන්, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර ජෙනරාල් රුවන් වනිගසුරිය, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ප්‍රජා නායකයින්, රාජ්‍ය නිලධාරීන් සහ සිරස මාධ්‍ය ජාලයේ නිලධාරීන් රැසක් සහභාගි වූහ. Nike Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ