Header

Sri Lanka Army

Defender of the Nation

03rd November 2019 12:10:08 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සිය ධූරයෙන් නික්ම යයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නික්මයන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එම්. මුදන්නායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර සහ සුබපැතුම් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉකුත් සඳුදා (28) දින පිරිනමන ලදී.

මෙම අවස්ථාවට සපැමිණි නික්මයන කර්නල් සේනාවිධායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ භටපිරිස් විසින් පිරිනමනු ලැබූ අතර අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එතුමන් එක්විය. ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ එතුමන් සමුගැනීමේ රාත්‍රි භෝජන සංග්‍රහයකට ද සහභාගි විය.

එම අවස්ථාවේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙනුවෙන් කරන ලද විශිෂ්ට සේවය ඇගයුමට ලක් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩබ්ලිව්.එස්.ඒ. දිසානායක විසින් නික්මයන මේජර් ජෙනරාල් එම්. මුදන්නායක වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මේ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ලෙස ප්‍රියමාලි මුදන්නායක මැතිණිය කරන ලද සුවිශේෂී සේවය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් හෘදයාංගම කෘතඥතාව පුද කරමින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළහ. jordan Sneakers | Nike Off-White