Header

Sri Lanka Army

Defender of the Nation

03rd November 2019 13:13:08 Hours

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ ගැටළු පිළිබඳ සොයාබලයි

සාමකාමී පුරවැසියන් ලෙස සාමාන්‍ය ජීවිත ගත කරමින් සිටින පුනරුත්ථාපනය නොකළ හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයාබැලීමේ අදහසින් විශේෂ හමුවක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත ඉකුත් බදාදා (30) දින කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 57 වන සේනාංක මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මූලිකත්වයෙන් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පියල් ද සිල්වා විසින් සංවිධානය කරන ලද මෙම විශේෂ හමුව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආරාධනයකට අනුව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විසිදෙනෙකු පමණ සහභාගි වුහ.

මෙම හමුවේදී, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ දැවෙන අවශ්‍යතා සහ වෙනත් කරුණු පිළිබඳ විමසීමේදී ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ. එහිදී, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ ජීවිත ගොඩනගා ගැනීම සඳහා හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට සහතික වූ අතර ඔවුන්ගේ ගැටළුවලට ඉහළම රාජ්‍ය මට්ටමින් සහන සැලසීමට පොරොන්දු වූහ.  එම සාමාජිකයින් අනාගතයේ දී ඔවුන්ගේ ගැටළු විසඳාගැනීම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගත යුතු බවට ද පැවසීය. Nike sneakers | Nike Shoes