31st October 2019 22:00:00 Hours
කොඩිකාමන් ප්‍රදේශයේ ස්ථාපිත 522 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් ජානක විජේසිරි ඉකුත් බ්‍රහස්පතින්දා (31) දින සිය රාජකාරි කටයුතු ආරම්භ කළ අතර බලසේනා මූලස්ථානය වෙත සපැමිණි එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.
ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව බලසේනාධිපතිතුමන් සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරී භාරගනු ලැබීය. තවද, මෙම අවස්ථාව සඳහා බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හි නිලධාරීන් සහභාගි වූහ. Sportswear Design | Nike for Men