Header

Sri Lanka Army

Defender of the Nation

31st October 2019 14:00:37 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ‘සියදිවි නසාගැනීම් වැළැක්වීම’ පිළිබඳ දේශන

‘සියදිවි නසාගැනීම් සහ එය වැළැක්වීම’ යන මාතෘකා පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන් දැනුවත් කිරීමේ දැවැන්ත ප්‍රජා ව්‍යාපෘතියක් ඔක්තෝබර් මස 28 සිට 30 දින දක්වා තෙදිනක් පූරා දියතලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී, බණ්ඩාරවෙල මහා නගර සභාවේදී, බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධ හමුදා විද්‍යාපීඨ ‘ටෝච්‘ සිනමා ශාලාවේදී පැවැත්විණි.

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ සියදිවි නසාගැනීම් ප්‍රවණතාවය වැඩි බව තහවුරුවීමෙන් අනතුරුව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.එම්.ආර්.පී. විජේසුන්දර ගේ අධීක්‍ෂණය යටතේ මෙම දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සම්බන්ධීකරණයෙන් කාන්තාවන්, පෙර පාසල් ගුරුවරුන්, දෙමාපියන්, අනෙකුත් කඳවුරුවල සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සහභාගි වූහ.

කොළඹ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරුන් වන මෙත්මලි මුණසිංහ මෙනවිය, සෞම්‍යා මෙනවිය, ආචාර්ය ලසන්ත විජේසේකර මහතා සහ නිරන්ජන් මැදවල මහතා විසින් මෙම තෙදින දේශන මාලාව මෙහෙයවනු ලැබීය. bridgemedia | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth