31st October 2019 22:00:50 Hours
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අතරින් ‘නිවේදක’ හැකියාවන් ඇති යුද්ධ හමුදා සාමාජිකයින් තෝරාගැනීම සඳහා පැවැති ‘නිවේදක තරුව - 2019’ තරඟාවලියේ අවසන් මහා තරඟය ඉකුත් බදාදා (30) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් සතුව ඇති සැඟවුණු කුසලතා ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම ස්ත්‍රි පුරුෂ දෙපාර්ෂවයේම ‘නිවේදකයින්’ තෝරාගැනීමේ අරමුණින් මෙම තරඟාවලිය පවතවනු ලැබීය.
තරඟකරුවන් 24 දෙනෙකු අතරින් අවසන් තරඟය සඳහා දක්‍ෂ තරඟකරුවන් 10 දෙනෙකු තේරීපත් වූ අතර එම තරඟකරුවන් තිලිණි අතුකෝරල මහත්මිය, තිලිණ සමරසූරිය මහතා, චන්න අබේවික්‍රම මහතා, ආචාර්ය වත්සලා වීරසිංහ මහත්මිය සහ මහාචාර්ය අනුර වික්‍රමසිංහ මහතා යන ප්‍රවීණ වෘත්තීයවේදීන් යටතේ පුහුණුව ලැබීය. කර්නල් සුමිත් දේවප්‍රිය, තිලිණ සමරසූරිය මහතා, චන්න අබේවික්‍රම මහතා, ආචාර්ය වත්සලා වීරසිංහ මහත්මිය සහ චාල්ස් ලාසරුස් මහතා යන පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් අවසානය දක්වා දක්වා විනිශ්චය සිදුකරන ලදී.
‘නිවේදක තරුව - 2019’ තරඟාවලියේ ශූරතාවය 3 වන ශ්‍රී ලංකා සංඥා බළකායේ මාණ්ඩලික සැරයන් ආර්.පී.අයි. සෙනරත් විසින් හිමිකරගනු ලැබූ අතර අනුශූරතාවය 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළ ජේ. දර්ශීකා හට හිමිවිය. තවද, තරඟාවලියේ තෙවන ස්ථානය 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බළලත් නිලධාරී II ඩී.ජී.එස්. වසන්ති විසින් හිමිකරගත්හ. 3 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සැරයන් ඒ.එම්.ජී. ගුණතිලක සහ 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් එස්.ටී. කුමාරසිංහ පිළිවෙලින් තරඟාවලියේ 4 වන සහ 5 වන ස්ථානය හිමි කරගනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති, 55 වන සේනාංකයේ සේනාංකාධිපති, ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු) ආඥාපති, 52 හා 51 සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයෙහි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගී වූහ. Running sports | Nike Shoes